meanu area

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Monday, July 17, 2017

විනය මාලාව

විනය ප්‍රඥප්තිය
සුවිශේෂී අරමුණ   
ගුණ සපිරි නැණවත් දියණියක් හෙට ලොවට දායාද කිරීම
අරමුණු
1.ආත්ම ගෞරවය රැකගත්  ආත්මාභිමානයෙන් යුතු දියණියක් පාසලෙන් බිහි කිරීම.
2.සංවරශීලි,සදාචාරවත් ගුණ ගරුක කාන්තාවක් දිගාමඩුල්ලෙන් රටට දායාද කිරීම.

මෙම අරමුණු ඉටු  වි පාසලෙන් බිහිවන ගුණ සපිරි නැණවත් දියණියක් වීමට නම්, 
රටක ජාතියක අභිවෘද්ධියේ පදනම වන්නේ ඔවුන් ගේ සදාචාරවත් බවයි.එය දේශයේ ශ්‍රේෂ්ඨත්වය අභිමානය පිළිබිඹු කරයි. ඒ සඳහා ආචාර ධර්ම පද්ධතියක් අනුගමනය කරමින් නීති පද්ධතියක් ක්‍රියාත්මක කරමින්  සදාචාරවත් ගුණ ගරුක ශ්‍රී ලංකිකයින් පිරිසක් බිහි කළ  යුතුය.
දිගාමඩුල්ලේ සෙසු පාසල් අතුරින්  සුවිශේෂී වන්නාවූ අප වඩාත් හික්මුණු ,සදාචාරසම්පන්න,සංවරශීලි හා විනයගරුක පුද්ගලයින් පිරිසක් වෙමින් ආත්ම ගෞරවය,ආත්මාභිමානය රැක ගත  යුතුය. දියණියන් වන අපගේ ආභාරණය එයයි.  බාලිකා විදු මවුගේ ගුණ සපිරි නැණවත් දියණියක් වීමට මෙම අනර්ඝ ආභාරණය පැළඳ ගනිමින් ස්‌වයං විනයෙන් යුතුව පෙළ ගැසෙමු.

 පාසලේ නීති රීතී සහ සම්ප්‍රදායන්
01.පැමිණීම.
1.1 සියළුම දැරියන් පෙ:ව  7.15 වන විට පාසලට පැමිණ සිටිය යුතුය.
1.2  ශිෂ්‍යා  නායිකා හෝ පන්ති නායිකා තනතුරු දරන දැරියන් පෙ:ව7.00    වනවිට පාසලට පැමිණ සිටිය යුතුය.ශිෂ්‍ය නායිකාවන් සඳහා වන පැමිණීමේ ලේඛනය ඔවුන් විසින් අත්සන් කල යුතුය.
1.3  පා ගමනින් පාසලට පැමිණෙන ශිෂ්‍යාවන් පෙ:ව 7.30 වන විට  පාසලට පැමිණීමටත් බස් රථ වලින් පාසලට පැමිණෙන ශිෂ්‍යාවන් උදැසනින් ඇති බස් රථයක  පාසලට පැමිණීමටත් වග බලා ගත යුතුය.
1.4  ප්‍රමාද වී පැමිණෙන ශිෂ්‍යාවන් ආගමික වතාවත් ඉටුකොට විදුහල්පති/නියෝජ්‍ය විදුහල්පති /ගුරුවරුන්/ශිෂ්‍ය නායිකාවන් ගේ අවසර ඇතිව පන්ති කාමර වෙත යා යුතුය.

02.පාසල් පිරියත පිරිසිදුව තබා ගැනීම.
2.1 උදෑසන 7.30 ට පෙර සියළු පිරිසිදු කිරීම් අවසන් කල යුතුය.
2.2  පන්ති කාමරය හා අවට පිරිසිදු කිරීම ,අලංකාරව පවත්වා ගෙන යාම,පැළවල  නඩත්තුව ශිෂ්‍ය නායිකාවන්ගේ හා පන්ති නායිකාවන්ගේ අධීක්ෂණයට ලක්විය යුතුය.

03.උදෑසන ආගමික වතාවත් සහ ශරීර සුවතා වැඩසටහන

3.1 පළමු සීනු නාදයට අවධානය යොමු කොට  දෙවන වර සීනුව නාද වනවිට පේළි සැදී නියමිත ස්ථාන වලට පැමිණ ආගමික වතාවත් වල යෙදිය යුතුය.
3.2  දෛනිකව බුදු මැදුරේ වතාවත් කිරීමට නියමිත පන්තියේ ශිෂ්‍යාවන් එය නිසි පරිදි ඉටු කල යුතුය.
3.3  ප්‍රධාන රැස්වීම සඳුදා දින පැවැත්වේ .එ සඳහා සියළුම ශිෂ්‍යාවන් එයට සහභාගී වියයුතු අතර එදිනට රැස්වීම මෙහෙයවීමට නියමිත    පන්තියේ ශිෂ්‍යාවන් එය නිසි පරිදි ඉටු කල යුතුය.
3.4  අඟහරුවාදා  සහ බදාදා යන දිනවල දී ශරීර සුවතා වැඩසටහන් පැවැත්වේ.සියළුම ශිෂ්‍යාවන් ඒ සඳහා ගුරුවරුන් ගේ අධීක්ෂණය යටතේ සහභාගී විය යුතුය.
3.5  සිකුරාදා දින ශ්‍රේණි මට්ටමින් රැස්වීම මෙහෙය විය යුතුය.

04. කාලච්ඡේද තුලදී පන්තියෙන් බැහැර යාම.

4.1  අධ්‍යාපනික හෝ වෙනත් පොදු කටයුත්තක් සඳහා පන්තියේ සියළු දෙනා බැහැර යන්නේ නම් දෙදෙනා බැගින් පේළි සැදී සන්සුන්ව ගමන් කළ යුතුය.නොඑසේනම් දෙදෙනකුට “බැහැර යාමේ පන්ති අවසර පත” රැගෙන පන්තියෙන්  බැහැර යා හැක. “බැහැර යාමේ පන්ති අවසර පත”නොමැතිව ශිෂ්‍යාවන් පාසල් භූමිය තුල නිකරුණේ නොහැසිරිය යුතුය.
05.පාසලෙන් බැහැරව යාම.
5.1  හදිසි අවස්ථාවකදී හෝ අසනීප අවස්ථාවක දී ශිෂ්‍යාවන්ට පාසලෙන් බැහැර විය හැක්කේ ගුරුමහත්මියක සමඟ හෝ දෙමාපියන් /භාරකරුවන් සමඟ පමණි.
5.2 පාසලෙන් බැහැරව යාමේදී කාර්යාලය දැනුවත් කර ලිඛිත අවසරය ගෙන බැහැර විය යුතුය.

06.පාසල  නිම වී නික්ම යාම.    
6.1 පාසල අවසන් වීම සඳහා ප:ව 1.30 ට සීනුව නද කලවිට වැඩ නතර කොට දෙවන සීනුවට ජත්ත මානවක ගාථා ගායනා කළ යුතුය.තෙවන සීනු නාදයට පන්තිකාමර වලින් නික්ම දෙදෙනා බැගින් පාසල් ගේට්ටුව තෙක් ගමන් කල යුතුය.
07.පිරිසිදු බව හා බාහිර සැකැස්ම.
 7.1  සෞඛ්‍ය රැකෙන සේ ශාරීරිකව පිරිසිදුව පාසලට පැමිණීම අනිවාර්ය වේ.නියපොතු කොටට කපා තිබිය යුතුය.නිය,තොල් ආදී ස්ථාන වල ආලේපන තැවරීම නොකළ යුතුය.
7.2  විවිධ විලාසිතාවන්ට කොණ්ඩය නොකැපිය  යුතුය.කොණ්ඩය මැදින් බෙදා කරල් දෙකක් වන සේ ගොතා  කළු රිබන් පටිවලින් අග නමා ගැට ගසා තිබිය යුතුය.
7.3  ආභරණ පැළදීම තහනම්ය.කළු පටි සහිත ඔරලෝසුවක් පැළදිය හැක්කේ ශිෂ්‍යනායිකාවන්ට පමණි.
7.3 පාසලට පැමිණීමේදී සුදු සපත්තු හා මේස් පැළදිය යුතුය.විවිධ විලාසිතා සහිත පාවහන් පැලදීම තහනම්ය.

08.පාසල් නිළ ඇඳුම
·         පහත සඳහන් ආකාරයට විය යුතුය.
Ø  සුදු ගවුම් කර නියමිත හැඩයෙන් යුක්ත විය යුතුය.
Ø  ඉන යෙදිය යුත්තේ වැලමිට දක්වා උසට පමණි.
Ø  කිහිල්ලේ සිට (ඇත යට සිට ) අඟල් 3 ක උසක් දක්වා අත දික් විය යුතුය.
Ø  පාසලේ නම කෙටියෙන් ,කුඩා අකුරු වලින් සඳහන් කරන ලද සාක්කුව වම්පස පපුවට ඉහලින් තිබිය යුතුය.
Ø  ගවුමේසායට මැදින් ලොකු රැල්ලත් දෙපසින් කුඩා රැලි දෙකත් බැගින් විය යුතුය.
Ø  ලොකු රැල්ලේ කෙලවරේ සිට කුඩා රැල්ලේ කෙලවර දක්වා ප්‍රමාණවත් පළලින් හා උසින් යුතුව සාක්කු දෙක යෙදිය යුතුය.
Ø  සාක්කුවේ කටත් අතේ වාටියත් අඟල්1 ක පළලින් යුතුව පිටට  නවා සකස් කල යුතුය.
Ø  සායේ උස දණහිස තෙක් විය යුතු අතර වාටිය අඟල් 2.5 ක පළලකින් තැබිය යුතුය.

Ø  ඉන මූට්ටුව වැසෙන සේ පටිය පැළදිය යුතු අතර බකල් එක යෙදිය යුතුය.

·         ශිෂ්‍ය නායිකාවන් හා පන්ති නායිකාවන් ඒ සඳහා වූ නිළ ලාංජන පැළදිය යුතුය.
·         පාසල් නිළ ඇඳුම විකෘති කර ඇදීම සපුරා තහනම්ය.
·         පාසල් විෂය සමගාමී කටයුතු වලදී උපරිම සහයෝගයෙන් කටයුතු කළ යුතුය.

v  සියළුම ශිෂ්‍යාවන් තම ආත්ම ගෞරවයත් ,පාසලේ ගෞරවයත් රැකෙන සේ පාසල තුලත් පාසලෙන් පිටතදීත් ක්‍රියා කළ යුතුය.අනිසි ස්ථාන වල ශිෂ්‍යාවකට නුසුදුසු අයුරින් හැසිරීම හා නොගැලපෙන සබඳතා පැවැත්වීම පාසල් නීති රීති වලට අනුකූලව සපුරා තහනම්ය.

v  පාසල තුල ක්‍රියාත්මක වන නීති රීති හා සම්ප්‍රදායන් නිසියාකාරව පිළිපදිමින් ඒ අනුව කටයුතු කිරීම සියළුම ශිෂ්‍යාවන්  සතු වගකීමක් හා යුතුකමක් වේ.

v  පාසල තුල ක්‍රියාත්මක වන නීති රීති  නිසියාකාරව ක්‍රියාත්මක කරවීම හා සම්ප්‍රදායන් කඩ කරන ශිෂ්‍යාවන් පිළිබඳව සොයා බැලීම ශිෂ්‍ය නායක   මණ්ඩලය මගින් සිදු කරන බැවින් ශිෂ්‍ය නායිකාවන්ට අවනත වෙමින් ඒ අනුව කටයුතු කිරීමට  සියළුම ශිෂ්‍යාවන්  බැඳී සිටියි.

v   පාසල තුල ක්‍රියාත්මක වන නීති රීති හා සම්ප්‍රදායන් කඩකිරීම , ශිෂ්‍යාවකට නොගැළපෙන ආකාරයෙන් හැසිරීම යන අවස්ථාවල පාසලේ නීතිරීති වලට අනුකූලව ක්‍රියාත්මක වෙමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම විනය මණ්ඩලය ඇතුළු ගුරු මණ්ඩලය විසින් සිදු කරනු ඇත.

§   අම්/බණ්ඩාරනායක බාලිකා මහා විද්‍යාලයේ ශිෂ්‍යාවන්ගේ දෙමාපියන් විසින් පිළිපැදිය යුතු පාසලේ නීතිරීති හා සම්ප්‍රදායන්

·            පන්ති කව ,පාසල් සංවර්ධන සමිතිය ,විවිධ උත්සව අවස්ථා වල පාසලට පැමිණෙන විට  සෑම අවස්ථාවක දීම මවුවරුන්  සාරියකින් ද පියවරුන් පාසලට ගැලපෙන ඇඳුම කින්ද සැරසී පැමිණීමට වග බලා ගත යුතුය.
·            හදිසි අවස්ථාවකදී  පාසලට  උචිත ඇඳුමකින් සැරසී පාසල් වත්තට ඇතුළු වීමට අවසර ඇතත් කිසිවිටෙකත් පාසලට නුසුදුසු ඇඳුමකින් (කෙටි සාය,අත් රහිත හැට්ට ,කොට කලිසම් ,ටි-ෂර්ට් ,ලේගින්ස්) පාසලට ඇතුල් නොවීමට වගබලා ගත යුතුය.
·            පාසල තුල ක්‍රියාත්මක වන නීති රීති හා සම්ප්‍රදායන් නොපිළිපදිනා ශිෂ්‍යාවන්ට විදුහල්පති ,විනය මණ්ඩලය ඇතුළු ගුරු මණ්ඩලය විසින් නිත්‍යානුකූලව,පාසල තුල ක්‍රියාත්මක වන නීති රීති වලට අනුකූලව අවස්ථාවට උචිත ක්‍රියාමාර්ග ගනු ඇත.

පාසල් නිල ඇඳු

[Enter Post Title Here]

No comments:

Post a Comment